20 විශ්ලේෂණයට සමඟි ජන බලවේගයෙන් කමිටුවක් | දිනමිණ

20 විශ්ලේෂණයට සමඟි ජන බලවේගයෙන් කමිටුවක්

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශ්ලේෂණය කොට වාර්තා කිරීම සඳහා පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. ඒ අනුව කථානායකවරයාගේ නිර්දේශ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් පිළිබඳව විශ්ලේෂණ සඳහන් වාර්තාවක් අදාළ කමිටුව ඔස්සේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට

යොමු කිරීමට නියමිතය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

දහනව වැනි සංශෝධනයේ ඇති තාක්ෂණික කරුණු අඩුපාඩු හා ඒ වෙනුවෙන් සංශෝධන ගෙන එන්නට පමණක් සමගි ජන බලවේගය සූදානම්. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් කමිටුව විසිවැනි සංශෝධනය පරාජයට පත් කිරීමටත් එයට විරෝධය පළ කිරීමටත් තීරණයක් ගත්තා. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, නිර්දේශ, ආණ්ඩුව යෝජනා කරන සංශෝධන ගැන කථානායකතුමා හරහා ලැබුණට පස්සේ ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට වාර්තා කිරීම සඳහා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් අප පත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමන් යන මන්ත්‍රීවරුන් මේ සංශෝධන හා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ, නිගමන ගැන අධ්‍යයනය කර අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් කමිටුවට වාර්තා කරනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් කමිටු රැස්වීමේදී මේ ගැන අවසන් තීරණයක් ගන්නත් කුමන තීන්දුවට එළඹෙනවාද යන්නත් අපි සාකච්ඡා කරනවා. යැයි මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න