ඊයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයින් 42ක් | දිනමිණ

ඊයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයින් 42ක්

ඊයේ (27) දිනයේදී මොරටුව ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධව මත්ස්‍ය වෙළඳාමේ නිරත වූ මොරටුව ප්‍රදේශයේ පිරිස් සහ ආශ්‍රිතයින් පීසීආර් පරීක්ෂණයට ලක්කිරීමේදී මෙතරම් ප්‍රමාණයක් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමට හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය.
 
මොරටුව සහ පානදුර ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවූයේ ඒ අනුව බවත් යුද හමුදාපතිවරයා පැවසීය. 

නව අදහස දක්වන්න