අද කාලගුණ තත්ත්වය | දිනමිණ

අද කාලගුණ තත්ත්වය

 
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
 
ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම ඌව පළාතේත් ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුම් දෙනු ලැබේ.

නව අදහස දක්වන්න