මේ දිනවල PCR පරීක්‍ෂණ සිදුවන හැටි හමුදාපති පැහැදිලි කරයි | දිනමිණ

මේ දිනවල PCR පරීක්‍ෂණ සිදුවන හැටි හමුදාපති පැහැදිලි කරයි

පීසීආර් පරීක්‍ෂණ දැන් සිදු කරනු ලබන්නේ කොවිඩ් 19 වෛරසය පැතිරිය හැකි කණ්ඩායම් ඉලක්කගත කර ගෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
අද(28) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා කියා සිටියේ මීට පෙර අහඹුලෙස පීසීආර් පර්යේෂණ සිදු කළ නමුත් දැන් සිදුවන්නේ කොවිඩ් ආසාදනය විය හැකි පිරිස ඉලක්ක කරගෙන බවයි. ඒ අනුව පසුගිය කාලයේ දී බොහෝ ආසාදිතයින් පිරිසක් හදුනා ගැනීමට හැකියාව ලැබුනි.
 
කෙසේ නමුත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇතැයි යුද හමුදාපතිවරයා පැවසීය.
 
රාජ්‍ය බුද්ධි අංශ, ආරක්‍ෂක අංශ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එක්ව මෙම ආශ්‍රිතයන් සෙවීමේ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. 
 
ඊයේ දිනියේ දී වෛරසය ආසාදනය වූ ආශ්‍රිතයන් 457දෙනෙකු සොයා ගැනීමට හැකියාව ලැබුණු බව ද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටක් කියා සිටියේය.
 
 
 
 

නව අදහස දක්වන්න