මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 9000 ඉක්මවයි | දිනමිණ

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 9000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 09 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.
 
එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ ආසාදිතයන්ය.
 
ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607කි.
 
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9,081 ක් දක්වා ඉහළ යයි.

නව අදහස දක්වන්න