ආරෝග්‍යා පැණි දොඩම් | දිනමිණ

ආරෝග්‍යා පැණි දොඩම්

වෙළදපොළේ ඇති විදේශ පැණි දොඩමි වර්ග පරදන රසයක් ඇති වසර පුරාවට ඵලදාව ලබාගත හැකි ආරෝග්‍යා නමි පැණි දොඩමි ප්‍රභේදය අද වන විට ගොවින් අතර වඩාත් ප්‍රචලිතව ඇත. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්ත මෙින්තුවට අයත් බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෙම ආරෝග්‍යා පැණි දොඩමි ප්‍රභේදය හදුන්වා දි ගොවින් අතර ප්‍රචලිත කරතිබෙි. සිටාරස් සිනෙක් සික් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන පැණි දොඩමි අපේ රටෙි ප්‍රචලිත පලතුරකි.

එම කාරණා මනාව ඔප්පු වන්නේ 2018 වසර තුළදි පිටරට පැණි දොඩමි සදහා රුපියල් මිලියන 94ක් පමණ (93.9) මුදලක් වැයකර මෙට්‍රික්ටොන් 8356ක් ආනයනය කර තිබිමෙණි.මෙහි පොස්පරස් - කැල්සියමි වැනි ඛනිජ ලවන සමග ‘සී‘ විටමින් වලින්ද පිරි ඇත. විදේශ පැණිදොඩමි පරදන අන්දමෙි රසයෙන් පිරි මෙම ආරෝග්‍යා පැණි දොඩමි ප්‍රභේදය උඩරට අතරමැදි කලාපයේ වගා කිරිමට විශේෂයෙන් නිර්දේශ කර ඇත. මෙම ආරෝග්‍යා පැනිදොඩමිවල ඇති ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. එනමි වසර පුරාවට වැඩි පුර ගෙඩි ලබාගත හැකි විම. එක ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑමිස් 200-250 අතර විම. පැසුණු ගෙඩිය කහපාට විම. වැඩිපුර යුෂ ප්‍රමාණයකින් යුත්ත විම. පලතුරක් ලෙසට ආහාරයට ගැනිම හා යුෂ පානයක් හැටියට පරිභෝජනය කිරිමට හැකිවිමද පෙන්වා දිය හැකිය.

දොඩමි අස්වැන්න අළෙවියට ඉතා හොද වෙළද පොළක් හිමිව ඇති නිසා මෙම වගාව සිදුකරණ අන්දම හා ඊට වැළදෙන රෝග දැනගන සිටිම ඉතා වැදගත් බව වැටහේ. ඒ අනුව මෙම පැණිදොඩමි ගසක් මීටර් 2-3 ක් උසට වැඩිම නිසා එය නඩත්තු කරමින් පහසුවෙන් රැක බලාගත හැකිවිම හා ගෙඩි කඩා ගැනිමට පහසුවක්ද ඇතිවෙි. පැල සිටුවා වසර 2-3න් ගෙඩි හට ගැනිම සිදු වන අතර වසර 5- 10ක් අතර කාලයේදි ඉහළ අස්වැන්නක් ලබා ගත හැක. වසර 6-8 ක් වයසැති ගසකින් වසරකට ගෙඩි 200 ක් 300ක් පමණ අස්වැන්නක් ලබා ගත හැක. මෙම දොඩමි ගසක සාමාන්‍ය ආයු කාලය වසර 15ක් පමණවෙි.

මුහුදු මටිටමෙි සිට මීටර් 1000ට වඩා උසැති උඩරට අතරමැදි කළාපයට විශේෂයෙන් නිර්දේශ කර ඇති මෙම ආරෝග්‍යා දොඩමි වගාව සදහා වාර්ෂික වර්ෂා පතනය මිටර් 1200කට වඩා වැඩිපුර ලැබෙන්නේ නමි වැඩි ඵලදාවක් ලබාගත හැක.අඩු උෂ්ණත්වය මතුපිට පොත්තේ වර්ණය කහපාට බවට පත්වෙයි. හොද ජල වහනයක් සහිත කාබනික ද්‍රව්‍ය අඩංගු මිටර් 2 ක් පමණ ගැඹුරු පසේ පැණි දොඩමි වගාව සාර්ථකව සිදුකළ හැක. ආමිලිකතාව වැඩි පසක් නමි ඩොලමයිටි හෝ අලුහුණු යොදා පස උදාසින කිරිම ඉතා වැදගත් කරුණකි.

මෙම ආරෝග්‍යා පැණි දොඩමි බද්ධ කරනුයේ (ග්‍රාහකයා)“පිලජින් රෙඩි ලයිමි“ නැමති දොඩමි විශේෂයි. මෙසේ “පිලජින් රෙඩි ලයිමි“ග්‍රාකයාට බද්ධ කළ “ආරෝග්‍යා“ පැනි දොඩමි පැළ සිටුවෙිදි පැළ දෙකක් අතර පරතරය මිටර් 04ක් ද පැළ සිටුවිමට අදාල වල 60 60 60 ප්‍රමාණයෙන් සකසා ගතයුතුය. අක්කරයක් වගා කිරිමට පැළ 280ක් පමණ අවශ්‍යෙවෙි. මෙසේ කපා ගත් වලකට මතු පිට පස් -ගොම පොහොර කිලෝ ග්‍රෑමි 12-15 ක් හාදිරාපත් පත්වු කොල පොහොර දමා පුරවා ගතයුතුය. පැල සිටු විමට දින 2 ට පමණ පෙර යුරියා ග්‍රෑමි 90 ක් ත්‍රිත්ව සුපර් පොස්පේටි ග්‍රෑමි 150ක් මියුරියේටි පොටෑස් ග්‍රෑමි 50ක පොහොර මිශ්‍රණය එක් වලකට යෙදිම වැදගත් කරුණකි.එසේම වසරින් වසර කෘෂිකර්ම දෙපාර්තමෙින්තුවෙි නිර්දේශිත පොහොර මිශ්‍රණය යෙදවිම වැදගත් කරුණකි. මෙම දොඩමි පැලයකට හොදින් ජලය සැපයිම වැදගත් කරුණකි.

ගස වටා කවාකාර ලෙසින් අතු විහිදි යාමට සැලස්විය යුතුය. පැණි දොඩමි වගා වට දිලිර රෝග වැළදිමෙි අවදාන මක්ද ඇත. රෝගි අතු කපා ඉවත්කර පුලුස්සා දැමිම.ගසේ කැපුමි තුවාල වල දිලිර නාශක තැවරිම. හොදින් හිරු එළිය වැටිමට සැලස් විම කළයුතුය. මෙි සදහා පොලිකර් සල්පර් ටොප් සීන් වැනි දිලිර නාශක භාවිතා කිරිම සුදුසුය. මෙයට අමතරව බැක්ටිරියා වැළදෙන පිළිකා රෝගයක්ද ඇත.රෝගි අතු කපා ඉවත්කර තඹ මිශ්‍ර දිලිර නාශකයක් යෙදිම කළයුතුය. කබොලු රෝගයක්ද දොඩමි වගාවට බලපායි.රෝගි අතු කපා තඹ මිශ්‍ර දිලිර නාශකය යෙදිය යුතුය. මෙසේ දොඩමි වගාවක් සාර්ථකව නඩත්තු කරන්නේ නමි වසරකට එක ගසකින් කිලෝ 40-50 ක පමණ අස්වැන්නක් පහසුවෙන් ලබා ගත හැකිය.

මෙවන් අන්දමට දොඩමි වගාවක් සාර්ථකව පවත්වා ගැනිමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනිමෙන් වසරින් වසර පැණි දොඩමි සදහා විදේශයට ඇදි යන මුදල් කන්දරාව අපේ රටේම නතර කර ගැනිමට හැකිවෙයි. එමගින් දේශිය දොඩමි වගාකරුගේ අත මිට සරුවිම පමණක් නොව රටෙි ආර්ථිකයටද ශක්තියක් මෙන්ම නැවුමි දොඩමි ගෙඩියක රස බැලිමට පාරිභෝගිකයාටද අවස්ථාවක් උදාවෙි.

(විශේෂ ස්තුතිය විශ්‍රාමික කෘෂිකර්ම උපදේශක (පළමු පංතිය)ජේ.ඩී. රත්නපාල මහතාට)

 

 

වැලිමඩ සමුහ

ආර්.රාජමන්ත්‍රී

නව අදහස දක්වන්න