කොවිඩ් පාලනයට ඩොලර් මිලියන 6ක් පිරිනමා ඇති බව පොම්පියෝ කියයි | දිනමිණ

කොවිඩ් පාලනයට ඩොලර් මිලියන 6ක් පිරිනමා ඇති බව පොම්පියෝ කියයි

මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 1,100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන හයක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන මිත්‍රශීලීත්වය හේතුවෙන් මේ ආධාරය ලබාදී තිබෙන බව පවසන ඒ මහතා එය ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන කොවිඩ් වසංගතයට එරෙහි වැඩසටහන් වෙනුවෙන් විශාල ශක්තියක් වන බවද කියාසිටී. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. විදේශ අමාත්‍යාංශය වෙත පැමිණි රාජ්‍ය ලේකම්වරයා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

නව අදහස දක්වන්න