ශ්‍රී ලංකාවේ වායු දූෂණය තියුණු ලෙස ඉහළ යාමක් | දිනමිණ

ශ්‍රී ලංකාවේ වායු දූෂණය තියුණු ලෙස ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පවසයි.
 
විශේෂයෙන් කොළඹ, මහනුවර, පුත්තලම්, වවුනියාව සහ යාපනය ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි සදහන්වේ.  
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු තත්ත්ව ඒකකය පැවසුවේ තත්වය අධීක්‍ෂණය කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැස් කිරීමට අදහස් කරන බවත්ය.
 
දැනට අනාවරණය වී ඇත්තේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.
 
ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයේ වායු අංශු පදාර්ථ දෙගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වේ. මෙය මහජනයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය.
 
මෙම කාල සීමාව තුළ අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳීම, එළිමහන් ක්‍රියාකාරකම් හා ක්‍රීඩාවලින් වැළකී සිටීම සහ යම් සංකූලතාවයක් පැවැතියහොත් වෛද්‍ය ආධාර ලබා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  සිදු කරනු ලබයි.
 

නව අදහස දක්වන්න