මහනුවර සියලු පාසල් වසා දමයි | දිනමිණ

මහනුවර සියලු පාසල් වසා දමයි

මහනුවර නාගරික සීමාවේ පිහිටි සියලු පාසල් හෙට(26) සිට වසා දැමීමට තීරණය කර තිඛේ. 
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසන්නේ හෙට සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.
 
කොවිඩ් 19 අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
 
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දෙමව්පියන්, පාසැල් කමිටු තමා වෙත දිගින් දිගටම කරුණු දැක්වූ බවත් ඒ අනුව මෙම තීරණයට එළඹි බවත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි

නව අදහස දක්වන්න