ඉරානයේ ප්‍රධානම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ | දිනමිණ

ඉරානයේ ප්‍රධානම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

ඉරානයේ අංක එකේ ප්‍රධානම න්‍යෂ්ටික විද්‍යාඥයා ලෙස සැලකෙන මොහ්සන් ෆාක්රිසාදේ  ඝාතනය කර තිබේ. ටෙහෙරාන් අගනුවර අසල මෙම ඝාතනය සිදුව ඇතැයි එරට  ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
 ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහනේ ‘මහමොළයක්‘ ලෙස ඔහු සැලකිණි.
 
ටෙහෙරානයේ නැගෙනහිරට වන්නට ඔහු ගමන් ගත් මෝටර් රථය ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් ඉදිරිපස වීදුරුව විනාශ වී තිබෙන ආකාරය ඡායාරූපවලින් දැක්විණි.
 
මෙය ඝාතනයක් සේ පෙනෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද පවසයි. ඉරානයේ ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හතාමි පවසන්නේ ෆාක්රිසාදේ ගමන් ගත් නිසාන් වර්ගයේ මෝටර් රථයට කිසිවෙකු විසින් වෙඩි තබා ඇති බවයි. ඔහුව රෝහල් ගත කිරීමේ දී මරණයට පත්ව ඇත. 
 
ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් මෙම ඝාතනය “රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්” ලෙස හෙළා දැක තිබේ.
 
රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස මොහ්සන් ෆාක්රිසාදේ සිටි බව බටහිර බුද්ධි අංශ විශ්වාස කරයි.

නව අදහස දක්වන්න