කොරෝනා එන්නත් මිලියන ගණනක් ලොව පුරා බෙදන්න චීනය සූදානමින් | දිනමිණ

කොරෝනා එන්නත් මිලියන ගණනක් ලොව පුරා බෙදන්න චීනය සූදානමින්

ලොව පුරා රටවල් රැසකට කොරෝනා වයිරස් එන්නත් මිලියන ගණනක් බෙදාහැරීමට සූදානමින් පසුවන බව චීනය පවසයි.

දැනටමත් දකුණු චීනයේ ෂෙන්සෙන් අන්තර්ජාතික ගුවන්තොටුපළේ මේ ඖෂධ තොග ගබඩා කිරීමට උෂ්ණත්වය පාලනය කළ හැකි ශීත ගබඩා පෙළක් ද ඉදිකර ඇතැයි සීඑන්එන් වාර්තා කරයි. මුහුණු ආවරණ පැළැඳ, සර්ජිකල් ගවුම්වලින් සැරැසී, රබර් අත්වැසුම් පැළැඳගත් ආරක්ෂක අංශ නිලධාරීන් මේ පරිශ්‍රයට ආරක්ෂාව ලබා දෙමින් සීරුවෙන් තබා ඇති බව වැඩිදුරටත් පැවැසේ. රටේ ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය ලැබූ පසු එම ඖෂධ මේ ස්ථානයට ගෙනැවිත් ගබඩා කිරීමටත් එහි සිට ලොව පුරා මහාද්වීප සියල්ලේ රටවල් රැසකට එන්නත් බෙදාහරිනු ඇත. දියුණුවන රටවල්වලට ද චීනය නිෂ්පාදිත මේ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න