හුදෙකලා වෙන්නැයි රනිල්ට දන්වා නෑ | දිනමිණ

හුදෙකලා වෙන්නැයි රනිල්ට දන්වා නෑ

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ කිසිදු දැනුම් දීමක් කර නැතැයි ඒ මහතාගේ ප්‍රකාශකයෙක් දිනමිණට පැවසීය.

හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, (එජාප) ලයනල් ඉපලවත්ත මහතාට කොවිඩ් වයිරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බැවින් ඒ මහතාගේ සමීපතමයකු වන හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇතුළු කණ්ඩායමකට නිරෝධායනට යොමු වන ලෙස දැනුම් දෙන්නැයි අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.පී.ජී.අසංක මහතා ලයනල් ඉපලවත්ත මහතාට උපදෙස් දී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් එම ප්‍රකාශකයා මේ බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න