සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් වංචාවක් ගැන මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක් | දිනමිණ

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් වංචාවක් ගැන මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.
 
මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව මහ බැංකුව සදහන් කරයි.
 
එවැනි ණය අයදුම්පත් අයදුම් පත් ඇගැයීමේ ක්‍රියාවලියේදී වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සඳහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවනු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
මේ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. 
 
PDF File: 

නව අදහස දක්වන්න