බේඩන් පවල් සාමි සමරා පැළ ලක්ෂයක් රෝපණය කරයි | දිනමිණ

බේඩන් පවල් සාමි සමරා පැළ ලක්ෂයක් රෝපණය කරයි

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයෙන් ඊයේ (22) ආරම්භ කළ අතර එහිදී ජනාධිපතිවරයා විසින් පැළයක් රෝපණය කරන අයුරු. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලකා බාලදක්ෂ සංගමයේ සභාපති මෙරිල් ගුණතිලක, විධායක කමිටු සභාපති නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා, සහය ප්‍රධාන කොමසාරිස් (මාධ්‍ය හා මහජන සම්බන්ධතා) ප්‍රභාත් කුලරත්න මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න