කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇළ ව්‍යාපෘතියේ පළමු-දෙවැනි අදියර අවසන් | දිනමිණ

කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇළ ව්‍යාපෘතියේ පළමු-දෙවැනි අදියර අවසන්

සෙන්ට්‍රල් පාර්ක් ජා ඇළ නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350කට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හා සබැඳුනු නිවාස ව්‍යාපෘතියක් වීම එහි විශේෂත්වයයි. MICD Associates හි සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල් මහතා විසින් මේ නිවාස ඒකක සැලසුම් කර ඇති අතර දීපාල් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් (පුද්) සමාගම මේ ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් වශයෙන් කටයුතු කරයි. මෙරට ප්‍රධාන නගරයක් වන ජා ඇළ නගරාසන්නයේ අක්කර 15ක සශ්‍රීක භූමියක සෙන්ට්‍රල් පාර්ක් ජා ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මේ ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් අති සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. එහිදී ඉතා කෙටි කාලයක් තුළ නිවාස හා මහල් නිවාස ඒකකවලින් 50% කට වඩා අලෙවි විය. විශේෂයෙන්ම පළමු අදියරේ මහල් නිවාස 70ක ප්‍රමාණය දියත් කරන ලද දින සිට දින 30ක් ඇතුළත අලෙවි වී අවසන් විය.

කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි ලලින්ද කළුබොවිල මහතා ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි සාර්ථකත්වය පිළිබඳ මෙසේ අදහස් දැක්විය. ‘‘සෙන්ට්‍රල් පාර්ක් ජා ඇළ පළමු හා දෙවැනි අදියරවල සාර්ථකත්වය තුළින් කෙල්සි හෝම්ස් හි ගනුදෙනුකරුවන්ට අප පිළිබඳ ඇති විශ්වාසය සහ පැහැදීම තව තවත් තහවුරු වූ බවට අපට දැක ගන්නට ලැබුණා. විචිත්‍රත්වයෙන් පිරිපුන් සුඛෝපභෝගී අන්දමින් සැලසුම් කරන ලද උසස් තත්ත්වයේ නිවාස සහ මහල් නිවාස නිර්මාණය කිරීමේදී අඛණ්ඩව එම විශ්වාසය තව තවත් වර්ධනය කර ගැනීම අපගේ අධිෂ්ඨානය වී තිබෙනවා.”

 

නව අදහස දක්වන්න