FINAP සමාගම NBQSA මූල්‍ය තාක්ෂණ රන් සම්මාන ලබයි | දිනමිණ

FINAP සමාගම NBQSA මූල්‍ය තාක්ෂණ රන් සම්මාන ලබයි

විශිෂ්ටම Cloud පරිගණකකරණ සම්මානයත් දිනයි

මෘදුකාංග විසඳුම් සැපයීමේ පෙරමුණ ගත් සී/ස ෆින්ටෙක්නොලොජි ඒෂියා පැසිෆික් ලංකා (පෞද්ගලික) සමාගම (FINAP) පසුගියදා BMICHහිදී පැවැති NBQSA-2020 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සිය ප්‍රමුඛතම නිපැයුම වන ECOru මධ්‍යගත බැංකුකරණ හා මූල්‍ය විසඳුම වෙනුවෙන් ව්‍යාපාරික සේවා අංශයේ හොඳම මූල්‍ය හා ගිණුම්කරණ විසඳුමට හිමි රන් සම්මානයෙන් සහ Cloud පරිගණකකරණයේ නවතාවයෙන් යුතු විශිෂ්ට විසඳුමට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ මෘදුකාංග විසඳුම් සමාගම්වල විශිෂ්ට නිපැයුම් සඳහා සම්මාන පිරිනමයි. සම්මානලාභී සෑම සමාගමක්ම අන්තර්ජාතික මට්ටමේ තරගකාරීත්වයකින් යුත් උසස්ම තත්ත්වයේ මෘදුකාංග විසඳුම් හා නිපැයුම් ඉදිරිපත් කර තිබිණි.

“FINAP ආරම්භයේ පටන්ම සංකීර්ණ ව්‍යපාරික ගැටලුවලට නවතාවෙන් පිරිපුන් මූල්‍ය තාක්ෂණය ඔස්සේ සරල විසඳුම් ඉදිරිපත් කිරීමේ දැක්ම අනුව ක්‍රියා කළා.” FINAP නිර්මාතෘ හා අධ්‍යක්ෂ මණ්ඩල උපදේශක කුටිල පින්ටෝ මහතා පැවසීය. “අප සමාගමේ සියලු ක්‍රමෝපාය ගනුදෙනුකරුවා කේන්ද්‍ර කර ගොඩ නඟා තිබෙනවා. සෑම ව්‍යාපෘතියකම සැලසුම් අවධියේදී ව්‍යාපාරික අවශ්‍යතා සහ ගනුදෙනුකාර අවශ්‍යතා ගැඹුරින් ගවේෂණය කර

හඳුනා ගෙන ඒ අනුව අපගේ විසඳුම්වල ඇති කඩිසර බව, කාලීන තාක්ෂණය සහ අප සපයන විශිෂ්ට සේවය තහවුරු කර ගැනීිම සඳහා අප නිරන්තරයෙන් ඇප කැප වී සිටිනවා.” FINAP අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ආචාර්ය හිලරි ඊ. සිල්වා මහතා සඳහන් කළේය. ECOru යනු වෙළෙඳපොළෙහි ඇති තාක්ෂණයෙන් ඉහළම මධ්‍යගත බැංකුකරණ පද්ධතියයි. එය විවෘත බැංකුකරණයෙන්, පරාමිතිකරණයෙන්, බැංකු තොරතුරු ඒකාබද්ධ කිරීමෙන් හා විශ්ලේෂණාත්මක මෙවලම්වලින් සෙසු තරගකරුවන්ගෙන් වෙන්ව කැපී පෙනේ. ECOru උසස් ගුණාත්මකභාවය පිළිබඳ වගකීම සහිත වර්තමානයේ හොඳම බැංකුකරණ හා මූල්‍යකරණ විසඳුම බව අවිවාදිතය. එය මූල්‍ය සේවා නිපැයුම්වලට තිරසර බව දීමට ප්‍රබලව දායක වෙයි.

 

නව අදහස දක්වන්න