බෙරලපනාතර ද්විතීයික පාසලේ ගුවන් පාලම සිසු අයිතියට | දිනමිණ

බෙරලපනාතර ද්විතීයික පාසලේ ගුවන් පාලම සිසු අයිතියට

මාර/ බෙරලපනාතර ද්විතීයික පාසලේ සිසු සිසුවියන්ට විද්‍යාලයීය ක්‍රීඩා පිටියට විදුහල් භූමියේ සිට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා ඉදිකරනු ලැබූ ගුවන් පාලම පසුගියදා (18) පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුණ රණවක මහතා අතින් විවෘත කරනු ලැබීය. මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බළකාය මඟින් මේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 160ක් පමණ වැය කර තිබිණි. විදුහල් භූමියේ සිට ක්‍රීඩා පිට්ටනියට ප්‍රධාන මාර්ගය හරහා පිවිසීමේදී සිසුන් අනතුරුවලට මුහුණපා ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙන අතර මේ ගුවන් පාලම ලබාදීම සම්බන්ධයෙන් මව්පියන් මන්ත්‍රීවරයාට සිය කෘතඥතාව පළ කර සිටිති. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මවුපියන් සහ සුබපතන්නන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ. සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

 

නව අදහස දක්වන්න