අඹන්පොළ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට | දිනමිණ

අඹන්පොළ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට

රුපියල් කෝටි එකසිය අසූවකට වැඩි ප්‍රතිපාදන යටතේ අඹන්පොළ කොට්ඨාසයේ දුෂ්කර ග්‍රාමීය මාර්ග රැසක් කාපට් සහ කැටගල් අල්ලා නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පළමු අදියරේ මාර්ග කිහිපයක වැඩ ඇරැඹීම ඉකුත්දා අඹන්පොළ කොට්ඨාසයේ ස්ථාන රැසකදී සිදු කෙරිණි. මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හා සම්බන්ධීකරණයෙන් මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීමෙන් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල, හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක, මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධාරීන් වන චමින්ද අමරසේකර, සුරංග හේරත්, සුරංග රසික යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

එම අවස්ථාවට සහභාගි වූ කුරුණෑගල නියෝජ්‍ය නගාරාධිපති සුමිත් උඩවාසල මහතා මෙසේ කියා සිටියේය.

"රටක් සංවර්ධනය කරා යන ගමනේදී මාර්ග නවීකරණය ඉතාමත් අත්‍යවශ්‍ය වූ කාර්යක්. මේ අවශ්‍යතාව තේරුම්ගෙන තිබෙනා රජය මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රට පුරා මාර්ග කිලෝමීටර 25,000ක් නවීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහිදී විශේෂයෙන් වල් අලි ප්‍රශ්නය, ස්වාභාවික ආපදා, ප්‍රවාහන දුෂ්කරතා සහිත ග්‍රාමීය ගොවි ජනතාව වැඩියෙන් ජීවත් වන මාර්ගවලට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා හැටියට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ ගම මැදින් දිවෙන සුවපහසු මාර්ගයක සිහිනය සැබෑ කිරීමට කටයුතු කරමින් ඉන්නවා."

මෙහිදී අදහස් දැක්වූ මහව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් වික්‍රමසිංහ මහතා ද මෙසේ පැවසීය.

"අඹන්පොළ කොට්ඨාසය කුරුණෑගල නගරයට පහසුවෙන් පැමිණිය හැකි උප නගරයක් මුත් අඹන්පොළ නගරය හා බද්ධ වන පිවිසුම් මාර්ග සියල්ල දැඩි ලෙස අබලන් වී තිබීම හේතුවෙන් අවට නගරවල ජනතාව අඹන්පොළ මඟහැර යන තත්ත්වයක් තමයි උදා වී තිබෙන්නේ. මේ හේතුවෙන් අඹන්පොළ ජනතාවට කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට නගරයේ රැකියාවන් කරා යෑමට, දරුවන්ට නගරයේ පාසල් කරා යෑමට බාධා රැසක් නිර්මාණය වී තිබෙනවා. මේ මාර්ග සියල්ල කාපට් කර සංවර්ධනය කිරීමෙන් අනතුරුව අපේ ඊළඟ සිහිනය අඹන්පොළ නගරය සියලු පහසුකම් සහිත කාර්යක්ෂම, දැකුම්කලු, පරිසර හිතකාමී සහ රටේ සංවර්ධන ගමන සමඟ අත්වැල් බැඳගත් කාර්යබහුල නගරයක් ලෙස වැඩි දියුණු කිරීමයි.

නව අදහස දක්වන්න