අම්බලන්පිටිය විදුහලේ ගොඩනැඟිල්ලක් නායේ යෑමේ අවදානමක | දිනමිණ

අම්බලන්පිටිය විදුහලේ ගොඩනැඟිල්ලක් නායේ යෑමේ අවදානමක

දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාසයේ අම්බලන්පිටිය මහ විදුහලේ ගොඩනැඟිල්ල අසල නාය යෑමේ අවදානමකට ලක් වී වසර හයක කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඊට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව පවතිනා බව මවුපියෝ පවසති. පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන මේ විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව 130ක් හා ගුරු මණ්ඩලය 19කි. 2016 වසරේදී විදුහල් ඉඩමේ පස් කැපීම හේතුවෙන් ගල් පෙරළි පස් කඳු පහත් වී ගොඩනැඟිලි කිහිපයකට අලාභහානි සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් ඉනෝකා නිලන්ති මහත්මිය මෙසේ පැවසීය.

"මේ විදුහලට උග්‍ර ගොඩනැඟිලි හිඟයක් තිබෙනවා. පන්ති පවත්වන්න ඉඩකඩ හොඳටම මදි. ළඟම පාසල හොඳම පාසල කීවත් පසුගිය කාලයේ අපට ලැබුණේ වැසිකිළියක් විතරයි. නාය යෑමේ තර්ජන තියෙන ස්ථානවලට පිළියම් යොදලා මේ විදුහලේ පහසුකම් වැඩිදියුණු කර දෙන ලෙසටයි අප ඉල්ලා සිටින්නේ."

 

නව අදහස දක්වන්න