මඩොල්සිමේ කෑම්පින් තාවකාලිකව තහනම් | දිනමිණ

මඩොල්සිමේ කෑම්පින් තාවකාලිකව තහනම්

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදි කරමින් රාත්‍රී කාලය ගත කරනා සංචාරකයන්ට තාවකාලික තහනමක් පැනවූ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.

පසුගිය දිනක ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදි කර එහි විනෝද වෙමින් සිටි මාධ්‍යායතනයක අති දක්ෂ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියකු වූ දිනුර විජේසුන්දර මහතා ප්‍රපාතයට ඇදවැටී සිටියදී දින තුනකට පසු යුද හමුදාව මඟින් ඔහුගේ සිරුර සොයා ගැනීමත් සමඟ එම භූමියේ පවතිනා අනාරක්ෂික භාවයට විසඳුම් දෙන තෙක් මේ තීරණය ගෙන තිබේ.

ලෝකාන්තය නැරඹීම සඳහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරනා තෙක් රාත්‍රී කූඩාරම් ඉදි කර විනෝද වන සංචාරකයන්ට ප්‍රාදේශීය සභාව මඟින් තාවකාලික තහනමක් පනවා තිබේ.

නව අදහස දක්වන්න