සියලු මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් දීම ආණ්ඩුවේ වගකීමක් - එජාප මහලේකම් | දිනමිණ

සියලු මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් දීම ආණ්ඩුවේ වගකීමක් - එජාප මහලේකම්

පෙර සිට මේ දක්වා රටේ ජනතාවට නිවැරැදි ලෙස තොරතුරු සපයන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්, ඡායාරූප ශිල්පීන්, ශිල්පිනියන්ටත් කොව්ඩි 19 වසංගතය මැඬලීම සඳහා දෙන එන්නත ඉතා කඩිනමින් එම පිරිසට දෙන ලෙස රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා‍ මේ ප්‍රකාශය කළේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාලිත රංගෙබණ්ඩාර මහතා මෙසේ ද කීය.

දැනටමත් රටේ විවිධ පළාත්වලට කොව්ඩි 19 වසංගතය මැඬලීමට ලබාදෙන මේ ඉන්දියානු එන්නතින් තවත් මිලියන 1.6ක් මිලදී ගන්නා බැවින් මෙතෙක් මාධ්‍යවේදීන් සඳහා වැඩපිළිවෙළක් සකස්කොට නොමැති බැවින් එය ඉක්මනටම සකස් කර දීම රජයේ මූලික වගකීමක් වන්නේ යැයි ද පාලිත රංගෙබණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. වත්මන් රජයේ සෞඛ්‍ය ඇමැතිනිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුවීමෙන් පසු සති දෙකකටත් අධික කාලයක් පසුව යැයි වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන පත්කිරීමට පියවරගෙන තිබුණේ.

මෙවර 2020/2021 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාලිත රංගෙබණ්ඩාර මහතා කියා සිටියේ එම කන්නයේදී සහනාධාර පොහොර ලබාගත් සැම ගොවි මහත්ම මහත්මීන්ගෙන්ම වී අස්වනු මිලදී ගැනීමට රජය තීරණය කර ඒ පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ අස්සන්වලින් යුතුව දැනටමත් චක්‍රලේඛ නිකුත් කර තිබෙන බව ද මාධ්‍යයට කියා සිටියේය.

එම නිකුත් කළ චක්‍රලේඛය අනුව අක්කර 25 (හෙක්ටයාර් 01) අක්කර 03 රූඩ් 03 (හෙක්ටයාර් 1.5) වන කුඹුරු ඉඩම් වගාකරන සැම ගොවියකුම වී කි.ග්‍රෑ 1000ක් හා අක්කර 03 රූඩ් 03 (හෙක්. 1.5) සිට අක්කර 05 (හෙක්. 02) දක්වා කි. ග්‍රෑ. 1000ක් වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතු වේ. ගොවිජන සංවර්ධන නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද මෙම කන්නයේ හෙක්. 1.5 ප්‍රමාණයක් වගාකර ඇති හෙයින් වී කිලෝග්‍රෑම් 1000ක් වී අලෙවි මණ්ඩලයට දිය යුතුව ඇතැයි ද, එලෙස වී නොදෙන ගොවි මහත්ම මහත්මීන් සඳහා 2021 යල කන්නයේ සහනාධාර පොහොර නිකුත් නොකිරීමට ගොවිජන සේවා සංවර්ධන නිලධාරීන් වැඩිදුරටත් චක්‍රලේඛ මඟින් දන්වා ඇතැයි ද එජාප මහලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

පාස්කු වාර්තාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහලේකම්වරයා කියා සිටියේ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය බලයට ඒමට පෙර වියත් මඟක් ආරම්භ කළත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවට වියතුන් පස්දෙනෙකු සොයා ගැනීමට මේ ආණ්ඩු අසමත් වී තිබෙන බවය.

 



මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න