මිනීමරුවන්ට - කුඩුකාරයන්ට විරුද්ධ වූ රන්ජන් ඔවුන් සමඟ එකම සිර මැදිරියක දමලා - විපක්ෂ නායක | දිනමිණ

මිනීමරුවන්ට - කුඩුකාරයන්ට විරුද්ධ වූ රන්ජන් ඔවුන් සමඟ එකම සිර මැදිරියක දමලා - විපක්ෂ නායක

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

මිනීමරුවන් සහ කුඩුකාරයන්ට විරුද්ධව කතා කළ රන්ජන් රාමනායක මහතා කුඩුකාරයන් සහ මිනීමරුවන් සමඟ එකම සිර මැදිරියක දමා ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. .

රන්ජන් රාමනායක මහතා බැහැ දැකීමට තමන් අඟුනුකොළ පැලැස්ස බන්ධනාගාරයට ගිය බවත් ඒ මහතාගේ ජීවිතයට හානියක් වූවවොත් ආණ්ඩුව එහි වගකීම භාරගතයුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. මෙම ප‍්‍රශ්නය මතුකරන සෑම අවස්ථාවකදීම කථානායකවරයා මඟග හැර යන බවද විපක්ෂනායකවරයා පැවසීය.

මේ අවස්ථාවේදී සභාවේ මන්ත‍්‍රීවරුන් ඝෝෂා කරන්නට වූ අතර, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ‘‘ කථානායකවරයා පැන ගියේ නැහැ.පකිස්තානු පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ රැස්වීමේ මුලසුන ගැනීම සඳහා සභාවෙන් පිටව ගිය බවයි.

නව අදහස දක්වන්න