හිතවත් කම් මත කොවිඩ් එන්නත දී නෑ - සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ | දිනමිණ

හිතවත් කම් මත කොවිඩ් එන්නත දී නෑ - සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

කොවිඩ් රෝගය ව්‍යාප්තිය වැළෑක්වීම සඳහා ලබා දෙන එන්නත කිසිදු හිතවත් කමක් මත දී නොමැති බව ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැවිලි ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මහතා මේ බව සඳහන් කළේය. මෙම එන්නත් විවිධ පුද්ගලයන්ට හිතවත්කම මත ලබා දී ඇතිදැයි මාධ්‍යවේදියකු මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, එසේ සිදුකර නොමැති බවයි.

මෙම එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධයෙන් විපක්ෂය ආරම්භයේ සිටම දිගින් දිගටම විවිධ මත පතුරුවමින් චෝදනා එල්ල කළ බවයි.

මීට සති කීපයකට පෙර විරුද්ධ පක්ෂයේ ප්‍රධාන චෝදනාව වූයේ රජය ජනතාවට එන්නත නොදෙන බව කී ඇමැතිවරයා, එන්නත රටට ගෙන ඒමෙන් පසු එම එන්නත කාර්යක්ෂම නැති බවත්, එයින් ප්‍රතිශක්තිය වැඩිවෙන්නේ නැති බවත්, ඒ හරහා විවිධ ආසාත්මිකතා ඇතිවන බවත් කියමින් තවත් චෝදනාවක් එල්ල කිරීමට පටන්ගත් බවත් පැවසීය. මේ වනවිට රජය මේ චෝදනා සියල්ලටම පිළිතුරු ලබා දෙමින් එන්නත ලබා ගෙන තිබෙන බවද, මේ වනවිට සෞඛ්‍ය සේවකයන්, හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සියලුදෙනාට ප්‍රමුඛතාව ලබා දෙමින් එන්නත ලබා දී තිබෙන බවද පැවැසීය. එසේම, එන්නත් කිරීමේ වැඩසටහන ඉතා හොඳින් සිදුවන බවත්, එයට අමතරව සමාජයේ පැතිරුණු කොටසකට මේ එන්නත ලබා දෙන බව මේ වනවිට සෑම කෙනකුටම දැක ගැනීමට ලැබී ඇති බවත් පැවසීය. කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශවල විශාල සාමාන්‍ය ජනතාවකට එන්නත ලබා දී තිබෙන ඇමැතිවරයා කීවේය. එසේම, එන්නත්කරණ වැඩසටහන ඉතා විනිවිද පෙනෙන ආකාරයෙන් සෑම කෙනෙකුටම සාධාරණ ලෙස ඉතාම කෙටි කාලයක් තුළ අවසන් කිරීමට රජය දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එන්නත ලබා දිය යුතුයැයි හඳුනාගෙන තිබෙන මිලියන 14ක් වූ ජනතාවට ඉතා කඩිනමින් එන්නත ලබා දී එම කාර්යය සාර්ථකව අවසන් කළ රටක් ලෙස ලෝකයේ වාර්තා පොත්වලට ඇතුළත් වීමට ද රජය බලාපොරොත්තු වන බවක් කීය.

නව අදහස දක්වන්න