රන්ජන් මැතිසබයට ගේන්නැයි පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි | දිනමිණ

රන්ජන් මැතිසබයට ගේන්නැයි පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන ලෙසත්, අඟුණකොළපැලැස්සේ සිට ඔහුව වැළිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසත් ඉල්ලමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ (23) පාර්ලිමේන්තුවේ සභා ගැබ මැදට පැමිණ ඝෝෂා කරන්නට වූහ.

හරීන් ප්‍රනාන්දු, හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු රැසක් මුලසුන ඉදිරියේ කලබලකාරී ලෙස හැසිරීම නිසා ඔවුන්ට විරෝධය දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද සිය අසුන්වලින් නැගිට සභාව ඉදිරියට පැමිණියහ.

විවිධ දේ ප්‍රකාශ කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබ මැද ගෝෂා කරන්නට වූ අතර වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය වේත‍්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්වරු සෙංකෝලය අසලට පැමිණ මන්ත‍්‍රීවරුන්ගෙන් එය ආරක්ෂා කිරීමට පියවර ගත්හ.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට ඇමතිවරුන් උත්තර දුන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මුලසුනෙන් බැස ගිය අතර ඉන් පසුව විපක්ෂ නායක සජිත් ෙප්‍ර්මදාස විසින් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පිළිබඳ වරප‍්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මුලසුනේ සිටියේය.

නව අදහස දක්වන්න