රන්ජන්ට තනිවම ඉන්න සිර මැදිරියක් දුන්නා - රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත | දිනමිණ

රන්ජන්ට තනිවම ඉන්න සිර මැදිරියක් දුන්නා - රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

රන්ජන් රාමනායක මහතාට තනිව සිටිය හැකි සිර මැදිරියක් ලබාදීමට කටයුතු කළ බව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතාට ජීවිත අවදානමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අදහස් දැක්වීමෙන් පසුව තමන් ඒ පිළිබඳ සොයා බැලූ බවත් එවැනි අවදානමක් රාමනායක මහතාට නොමැති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එහෙත් ඒ මහතාට තනිව සිටිය හැකි සිර මැදිරියක් ලබාදීමට පියවර ගත් බවද ඇමැතිවරයා පැවසීය.

රන්ජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා අතර රන්ජන් රාමනායක මහතාට කිසිඳු ජීවිත තර්ජනයක් නොමැති අතර වැලිකඩ බන්ධනාගාරයට වඩා ඔහු දැනට සිටින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ආරක්ෂිත බව ද ලොහාන් රත්වත්ත මහතා පැවසීය. එමෙන්ම අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරය පහසුකම්වලින් වැඩි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලොහාන් රත්වත්ත මහතා මේ බව සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම මතුකළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමිනි.

නව අදහස දක්වන්න