ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති පත් වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති පත් වෙයි

2021 - 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබේ.
 
සභාපති ධුරය සඳහා ඔහු සමග නීතිඥ කුවේර ද සොයිසා මහතා තරග කළ අතර සාලිය පීරිස් මහතා ඡන්ද 5162 ක් ලබා ගනිද්දී කුවේර ද සොයිසා මහතා ලබාගෙන තිබෙන්නේ ඡන්ද 2807 ක් පමණි.
 
නීතිඥ සංගමයේ ලේකම් ධුරයට රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ.
 

නව අදහස දක්වන්න