තවත් කොවිඩ් මරණ 04ක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ 04ක්

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කළේය.
 
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 457 කි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිද කාන්තාවක්, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
 
PDF File: 

නව අදහස දක්වන්න