මීටර 60 කඩුලු පැන දිවීමේ නව ලෝක වාර්තාවක් | දිනමිණ

මීටර 60 කඩුලු පැන දිවීමේ නව ලෝක වාර්තාවක්

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත් වෙයි.

එංගලන්තයේ කොලින් ජැක්සන් තත්පර 7.30කින් පිහිටුවා තිබු වාර්තාව ඔහු විසින් තත්පර 7.29කින් බිඳ හෙළීය. මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව කොලින් ජැක්සන් පිහිටුවා තිබුණේ 1994 වසරේ වන අතර, ඒ අනුව ග්‍රාන්ට් හොලොවේ ඊයේ බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයකි. 23 හැවිරිදි හොලොවේ මීටර 110 කඩුලු පැනීමේ ඉසව්වෙන් 12.98 ක පෞද්ගලික දක්ෂතාවක් දක්වා සිටී. එම ඉසව්වේ ලෝක වාර්තාව 12.80 ක් වන අතර, එය 2012 දී අමෙරිකානු ඒරීස් මෙරිට් විසින් පිහිටුවා ඇත.

“එළිමහන් තරග බිමේ ලෝක වාර්තාව නියත වශයෙන්ම මගේ හිතේ තියෙනවා. මගේ ප්‍රමුඛතාවය ඔලිම්පික් සුදුසුකම් ලබා ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමයි” හොලොවේ පැවසීය.

නව අදහස දක්වන්න