ට්‍රැක්ටරයෙන් ඉල්ලා පැරදුණු සීලරතන හිමි අතින් ක්‍රිකට් බැට් එකත් විසි වේ | දිනමිණ

ට්‍රැක්ටරයෙන් ඉල්ලා පැරදුණු සීලරතන හිමි අතින් ක්‍රිකට් බැට් එකත් විසි වේ

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි. ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට නම් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වීම හේතුවෙන් සීලරතන හිමිගේ නාම යෝජනාව විරෝධතා නැතිවම ප්‍රතික්ෂේප වේ. සීලරත්න හිමියන් මෙයට පෙර ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට ට්‍රැක්ටරය ලකුණෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය.

උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා පෙරේදා සිය නාම යෝජනා භාර දෙනු ලැබිණි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුරු දෙක සඳහා නාමයෝජනා 6ක් ලැබී ඇත. වත්මන් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, නලීන් අපොන්සු, බන්ධුල දිසානායක හා බන්දුල වර්ණපුර යන මහත්වරු උප සභාපති සටනට පිවිස සිටිති.

නව අදහස දක්වන්න