එළියකන්දේදී වාර්තා අලුත් වෙයි | දිනමිණ

එළියකන්දේදී වාර්තා අලුත් වෙයි

සදර්න් මෝටර්ස් ස්පෝර්ට්ස් සංග­මයේ සභා­පති ආචාර්ය සංජය සේදර සෙන­රත් මහතා අතින් අෂාන් සිල්වා සම්මාන ලබ­මින්. ඡායා­රූප - ප්‍රියාන් ද සිල්වා

වේගවත්ම මෝටර් රථ ධාවකයා - අෂාන් සිල්වා

යතුරුපැදි ධාවකයා - ජේඩ්න් ගුණවර්ධන

එළියකන්ද කඳු තරණයේදී එම තරග ඉතිහාසයේ වේගවත්ම මෝටර් රථ ධාවකයාගේ වාර්තාවත්, වේගවත්ම යතුරුපැදි ක්‍රීඩකයාගේ වාර්තාවත් අලුත් කිරිමට අෂාන් සිල්වා සහ ජේඩ්න් ගුණවර්ධන සමත් වූහ. මාතර, එළියකන්ද කේන්ද්‍ර කරමින් පසුගියදා පැවති මේ තරගාවලියේ මෝටර් රථ තරග අංශයෙන් තත්පර 31. 78ක කාලයක් වාර්තා කරමින් අෂාන් සිල්වා නව වාර්තාවට හිමිකම් කී අතර, යතුරුපැදි තරග අංශයෙන් තත්පර 33.63ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාව තැබීමට ජේඩ්න් ගුණවර්ධන සමත් විය.

අෂාන් සිල්වා බිඳ දැමුවේ මීට පෙර 2018 වසරේදී ඩිලාන් සෙනෙවිරත්න වේගවත්ම මෝටර් රථ ධාවකයා ලෙස තත්පර 32.42කින් තැබූ වාර්තාවය. ජේඩ්න් ගුණවර්ධන අතින් බිඳවැටුණේ සංගීත් සූරියගේ සඳහා තත්පර 33.75කින් තරගය නිමා කරමින් තැබූ වේගවත්ම යතුරුපැදි ධාවකයාගේ වාර්තාවය.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ එළියකන්ද කඳු තරණය මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය ඇමැති කංචන විජේසේකර සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහත්වරු ද එක්වී සිටියහ. සදර්න් මෝටර්ස් ස්පෝර්ට්ස් සංගමය 25 වැනි වරටත් සංවිධාන කළ එළියකන්ද කඳු තරණය මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව පැවැති අතර, මේ වසරේ පැවැති පළමු තරගාවලිය ද විය.

තරග ප්‍රතිඵල මෙසේය.

යතුරුපැදි තරග ඉසව්ව

‘ඕ‘ කාණ්ඩයේ ස්ටෑන්ඩර්ඩ් 100සීසී- 125සීසී - 1. සංජීව උදයකුමාර, 2. මහීල් පවිත්‍ර, 3. ඩිලාන් රත්නායක

‘එම්‘ කාණ්ඩයේ ස්ටෑන්ඩර්ඩ් නවීකරණය කරන ලද 100සීසී- 125සීසී - 1. කුෂාන් අප්පුහාමි, 2. ධනුෂ්ක ද සිල්වා, 3. ගයාන් ප්‍රියදර්ශන

‘ඕ‘ කාණ්ඩයේ ස්ටෑන්ඩර්ඩ් 160සීසී - 1. ප්‍රසංක සමරවික්‍රම, 2. ජානක දිනේෂ්, 3. අසංක සමරවික්‍රම

‘එම්‘ කාණ්ඩයේ වන් මේක් යමහා FZ 160සීසී - 1.මහීල් පවිත්‍ර, 2. අමිල පැතුම්, 3. අරුන් හිමාෂ

‘එම්‘ කාණ්ඩයේ නවීකරණය කරන ලද සුපර්ස්පෝර්ට් 250සීසී - 1. ජානක දිනේෂ් , 2. ඉෂාන් කාවින්ද, 3. දුමින්ද කොස්වත්ත

‘එම්‘ කාණ්ඩයේ ස්ට්‍රීට් ට්‍රේලර් 175සීසී- 250සීසී - 1, මහීල් පවිත්‍ර, 2. සුපුන් සුරාජ්, 3. උදාර චන්දිමාල්

‘එම්‘ කාණ්ඩයේ ස්ට්‍රීට් ට්‍රේලර් 250සීසී - 1.එස්.වාසුදේවන්, 2. සරත් කුමාරසිංහ, 3. සිවලිංගම් ඥානප්‍රකාශ්

‘එම්‘ කාණ්ඩයේ වන් මේක් කවසාකි 250සීසී - 1. මහීල් පවිත්‍ර, 2. සසිඳු ප්‍රසංස, 3. සුපුන් සුරාජ්

‘එස්එම්‘ කාණ්ඩයේ සුපර් මෝටාර්ඩ් 250සීසී - 1. දුෂාන් මුදලිගේ, 2. ඉසුරු මධුරංග, 3. මහීල් පවිත්‍ර

‘එස්එම්‘ කාණ්ඩයේ සුපර් මෝටාර්ඩ් විවෘත - 1. ජේඩ්න් ගුණවර්ධන, 2. සංගීත් සූරියගේ, 3. දුෂාන් මුදලිගේ

‘එම්‘ කාණ්ඩයේ ස්පෝර්ට්ස් ටුවරින් 600සීසී - 1. සුපුන් සුරාජ්, 2. නවිඳු සිල්වා, 3. පසන් බුද්ධික

‘එම්‘ කාණ්ඩයේ ස්පෝර්ට්ස් ටුවරින් 700සීසී - 1. ශෂික සඳරුවන්, 2. ඉන්සාෆ් බාෂිර්, 3. බීඒඊඑස් හේමචන්ද්‍ර

‘එම්‘ කාණ්ඩයේ 400සීසී- 600සීසී සුපර් ස්පෝර්ට් - 1. ජේඩ්න් ගුණවර්ධන, 2. ආරොන් ගුණවර්ධන, 3. අරුන් හිමාෂ

‘එම්‘ කාණ්ඩයේ සුපර් ස්පෝර්ට්ස් 900සීසී- 1000සීසී- 1. ජේඩ්න් ගුණවර්ධන, 2. ආරොන් ගුණවර්ධන, 3. රීසා ඔඩේයර්

‘එම්‘ කාණ්ඩයේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ස්කූටර් 90සීසී- 115සීසී - 1. ආර්එම් මිම්ෂාඩ්, 2. කේඩීඑස් සඳරුවන්, 3. නවිඳු සිල්වා

මෝටර් රථ තරග ඉසව්ව

එස්එල්-එන් ෆෝර්ඩ් ලේසර්/ මැස්ඩා 323සීසී - 1500සීසී - 1. ශෙනාල් ගුණවර්ධන, 2. සුසන්ත ගුණවර්ධන, 3. මහේෂ් කෝදාගොඩ

එස්එල්-එන් ෆෝර්ඩ් ලේසර්/මැස්ඩා 323සීසී -1300සීසී - 1. සුසන්ත ගුණවර්ධන, 2. සුදත් ජයතිස්ස, 3. ශෙනාල් ගුණවර්ධන

ෆෝමියුලා මැක්ලරන්ස් බී1300සීසී ඊඑෆ්අයි - 1. කෙවින් පෙරේරා, 2. රයන් ග්‍රේ, 3. ශානක රොඩ්‍රිගෝ

ෆෝමියුලා නවීකරණය කරන ලද 1665සීසී - 1.නදීර ජිනසේන, 2. ඩිලාන් සෙනෙවිරත්න, 3. රයන් ග්‍රේ

ටී ඇන්ඩ් ජී. 5500සීසී - 1. දුමින්ද ජයසිංහ, 2. කාසිම් වහාබ්, 3. ආචාර්ය සංජය සේදර සෙනරත්

‘ඒ‘ කාණ්ඩයේ නවීකරණය කරන ලද 1050සීසී - 1. චාමික රණතුංග, 2. දිලූප පල්ලියගුරු, 3. ඩිලංක විජේසූරිය

මිනි 7 වන් මේක් - 1. සඳරු වීරසිංහ 2, නීල් වීරසිංහ, 3. ඩබ්එන්එස් තිසේරා

එස්එල් -එච් 1618සීසී - 1. රන්දික නිරෝෂණ, 2. ඉර්ෆාන් ෆුවාඩ්, 3. ශෙහාරා ජයවර්ධන

සුබාර් ලෙජසි - 1. රන්දික නිරෝෂණ, 2. හෂේන් පීරිස්, 3. අසංක බණ්ඩාර

මිනි 1275සීසී වන් මේක් - 1. චානක රත්නායක, 2. සඳරු වීරසිංහ, 3. ගිහාන් ද සිල්වා

එස්එල් -ජීටී 3500 සීසී - 1. අෂාන් සිල්වා, 2. ටිරෝන් හෙන්දවිතාරණ, 3. නදීර ජිනසේන

එස්එල් - ඊ නිසාන් මාච් 1000සීසී - දහම් ජයනිත්, 2. අදීෂ කිත්විත්, 3. නිරෝෂ් ජීවන්ත

එස්එල් - ඊ ෆෝර්ඩ් ලේසර් /මැස්ඩා 323සීසී - 1300 සීසී - 1. තුෂාන් මධුසංඛ, 2. චමත් පල්ලියගුරු, 3. රෂිත පසන්

‘එස්‘ කාණ්ඩයේ 1500සීසී - 1. චාමික රණතුංග, 2. ඩිලංක විජේසූරිය, 3. ශෙහාරා ජයවර්ධන

ඩීසල් විවෘත (ක්‍රීඩා සමාජ තරගය) - 1. දිලූප පල්ලියගුරු, 2. රජිත් උළුවිට, 3. රෂිත පීරිස්

විශේෂ ක්‍රීඩා සමාජ තරග ඉසව්ව 1600සීසී විවෘත - ජවීඩ් වහාම්.

ටී.කේ.මහින්ද වැලිගම සමූහ

නව අදහස දක්වන්න