ඉන්දියාවේ රන් කෙල්ලට පොලිසියේ ඉහළ තනතුරක් | දිනමිණ

ඉන්දියාවේ රන් කෙල්ලට පොලිසියේ ඉහළ තනතුරක්

හීමා දාස්

කෙටි දුර ධාවන පිටියේ අන්තර්ජාතික රන් පදක්කම් දිනු පළමු හා එකම ඉන්දීය ක්‍රීඩිකාව ලෙස වාර්තාපොතට එක් වූ හීමා දාස් එරට අසෑම් ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත් කර ඇත.

අසෑම් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති සර්බාන්න්ද සොනෝවාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ඇය මේ තනතුරට පත් කරමින් පත් වීමේ ලිපිය පිරි නැමුවේය.

21 හැවිරිදි වියේ පසුවන හීමා දාස් එම තනතුරට පත් වීමෙන් පසු කියා සිටියේ කුඩා වියේ සිටම තමා පොලිස් නිලධාරිනියක වීමට සිහින මැවූ බවය.

කෙසේ වෙතත් ඇය තවදුරටත් ක්‍රීඩාවේ නිරතවන බවත්, අනාගතයේදී ඉන්දියාවට අන්තර්ජාතික පදක්කම් අත් කර දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඇය කියා සිටියාය.

අසෑම් ප්‍රාන්තයේ ඉතා දිළිඳු ගම්මානයක උපත ලැබූ මේ දිරිය තරුණිය ඉන්දියවේ රන් කෙල්ල නමින් ප්‍රචලිතව සිටින අතර, පාවහන් රහිතව මලල ක්‍රීඩා දිවිය ආරම්භ කිරීම පසුකාලීනව සෙසු ක්‍රීඩිකාවන්ට කදිම ආදර්ශයක් බවට ද පත් විය.

 

නව අදහස දක්වන්න