තෙවැනි කඩුල්ලට රාජකීයෙන් ත්‍රිත්ව ශතකයක් | දිනමිණ

තෙවැනි කඩුල්ලට රාජකීයෙන් ත්‍රිත්ව ශතකයක්

මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සමඟ කොළඹ රාජකීය විදුහල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට ලකුණු 362ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟීමට අහන් වික්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ සමත් වූහ.

පන්දු 223කට මුහුණ දුන් අහන් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 210ක් රැස් කළ අතර, හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 152ක් රැස් කළ සදීෂ පන්දු 259කට මුහුණ දී තිබිණි. ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න