ශ්‍රීලනිපයට කළමනාකාර කමිටුවක් | දිනමිණ

ශ්‍රීලනිපයට කළමනාකාර කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව කළමනාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රියේ රැස්වූ පක්ෂයේ නියෝජිත හමුවේදී මේ පියවර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අදාළ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වන විට තීරණ රැසක් ගෙන ඇති බවය.

‘‘නව නිලධාරි මණ්ඩලය පත් වෙලා ප්‍රථම වතාවට පක්ෂයට නව කළමනාකාර කමිටුවක් පත් කර ගනු ලැබුවා. ඉදිරි වසරක් එකහමාරක කාලයක් තුළ නිශ්චිත වැඩපිළිවෙළක් පසුවිපරම් සහිතව ක්‍රියාත්මක කරන්නයි අපේක්ෂා කරන්නේ."

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසුවේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පක්ෂය තුළ නොමැති බවය.

 


නව අදහස දක්වන්න