Saturday, මාර්තු 6, 2021 - 13:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම අද (06) පෙරවරුවේදී සිදු විය. ඒ යුද හමුදා රෝහලේ දී ය.
මෙම අවස්ථාව සදහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද එක් විය.
මෙම අවස්ථාවේදී දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක්ද තම එන්නත යුද හමුදාපතිවරයා සමගින් ලබා ගැනීම සිදු විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද සහභාගි වූ බව යුද හමුදාව පවසයි.
නව අදහස දක්වන්න