ගතවූ පැය 24 දී රිය අනතුරු 121ක් –බීමත් රියැදුරන් 758ක් අත්අඩංගුවට | දිනමිණ

ගතවූ පැය 24 දී රිය අනතුරු 121ක් –බීමත් රියැදුරන් 758ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
 
ඉන් මරණ 10ක් ම ඊයේ දිනය තුළ වාර්තා වුණු මරණ වේ.
 
එමෙන් ම, ඊයේ (අප්‍රේල් 14) දිනය තුළ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබේ.
 
අනෙකුත් මාර්ගවල වාර්තාවී ඇති රිය අනතුරු ගණන 109කි.
 
ඒ අනුව, වාර්තාවී ඇති මුළු රිය අනතුරු ගණන 121ක් පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
එම රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74 දෙනෙකු පමණ වන අතර එලෙස අනතුරට ලක් වූ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි (53ක්) වේ
 
අද (15) දිනයේ මෙම තත්ත්වය වැඩි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මේ අතර, ගත වුණු පැය 24 තුළ අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් ගණන 758ක් පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
 

නව අදහස දක්වන්න