ඉන්දීයාවේ “රන්විජේ”අවුරුදු අරගෙන කොළඹට | දිනමිණ

ඉන්දීයාවේ “රන්විජේ”අවුරුදු අරගෙන කොළඹට

රාජ්පුත් පන්තියේ පස්වන යුධ නෞකාව වන ඉන්දීය නාවික හමුදාවේ “රන්විජේ” නමැති යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අප්‍රේල් 14සිට 16 දක්වා දෙදින සංචාරයකට කොළඹට පැමිණ තිබේ.
 
Anti Submarine Warfare capable Guided Missile Destroyer වර්ගයේ මෙම නෞකාව ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද Bramhos සුපර් සොනික් මිසයිල වලින් හා සබ්මැරීන් ප්‍රහාරකවලින් ද සමන්විත බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
 
ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරය නව අවුරුදු සමයේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එකමුතුභාවයේ සහ සමඟියේ පණිවිඩය සංකේතවත් කරමින් ඔවුන්ගේ ආරක්ෂාව, නිරෝගීභාවය සහ ප්‍රීතිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් ගෙන එයි.
 
මෙම නෞකාව කපිතාන් නාරායනන් හරිහරන් මහතා විසින් මෙහෙයවනු ලබන අතර ඔහු බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර්ද් අද්මිරාල් ඩබ්. ඩී. ඊ. එම්. සුදර්ශන මහතා හමු වනු ඇත.
 
අප්‍රේල් 15 වන දින ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට සිය උපහාරය පුද කිරීමට නියමිතයි.
 
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දිගු කලෙක සිට සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යනු ලබන අතර දෙරට නාවික හමුදාවන් අන්‍යෝන්‍ය සුබසිද්ධියට හේතු වන පුහුණු සහ ධාරිතාවයන් ගොඩනැගීමේ කර්තව්‍යයන්හිලා සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.
 
මෙම සුහද නෞකා සංචාරය මිත්‍රශීලී සහ සමීප අසල්වැසි රාජ්‍යයන් දෙක අතර සමීප සමුද්‍රීය සහ ආරක්ෂක සහයෝගීතතාවය ශක්තිමත් කිරීමෙහිලා ඉවහල් වන තවත් පියවරක් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

නව අදහස දක්වන්න