ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට අද සිට විශේෂ ප්‍රවාහන සේවා | දිනමිණ

ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සැමරුම වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද(15) සිට ක්‍රියාත්මක කෙරේ. 
 
බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ බස් රථ අද සිට මෙම ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම අධිවේගී මාර්ග සඳහා ද බස් රථ යොදවා තිබේ.
 
මේ අතර කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
ලබන සදුදා සිට සියලු දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් යොදවන ලද විශේෂ දුම්රිය සේවා ද ක්‍රියාත්මකය.

නව අදහස දක්වන්න