මුරලි සුවෙන් | දිනමිණ

මුරලි සුවෙන්

හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කළ බව කී හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ රෝහලෙන් පිටව ගිය බව වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ දී සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් සිටින මුරලිදරන් පෙරේදා චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් වූයේ angioplasty වෛද්‍ය ප්‍රතිකාරය සඳහා බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර ධමනි අවහිර වීම වැළැක්වීම සඳහා ඔහු ‘ස්ටෙන්ට්‘ ප්‍රතිකාර ලබා ගැනීමක් සිදු කර තිබූ බවත්, පසුගිය මාර්තු මාසයේදී නැවත එහි යම්කිසි අවහිරතාවක් පෙන්නුම් කර තිබීම හේතුවෙන් කලින් යොදාගත් පරිදි මේ වෛද්‍ය ප්‍රතිකාරය සිදු කිරීමට රෝහලට ඇතුළත් වූ බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔහුගේ සුවෙන් පසුවන බවත්, ඔහුට සුපුරුදු පරිදි දෛනික ක්‍රියාකාරකම්වල නිරත විය හැකි බවත් ඇපලෝ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න