ප්‍රදර්ශනයක් අතරතුර ගුවන් යානයක් මහ මුහුදේ! | දිනමිණ

ප්‍රදර්ශනයක් අතරතුර ගුවන් යානයක් මහ මුහුදේ!

අමෙරිකාවේ ෆ්ලොරිඩා නුවර ගුවන් ප්‍රදර්ශනයක් අතරතුර යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ගුවන් යානයක් පසුගියදා අත්ලාන්තික් සාගරයට කඩා වැටී ඇත. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී භාවිතයට ගෙන තිබූ මේ පැරැණි ගුවන් යානය කොකෝවා බීච් ගුවන් ප්‍රදර්ශනයේදී යුධ ගුවන්යානා පෙළපාළියකට එක්වී තිබිණි. ආපදා කාර්ය මණ්ඩලය වහාම එම ස්ථානයට ගොස් නියමුවා බේරාගෙන තිබේ. ඔහු යහපත් තත්ත්වයේ පසුවන බව වාර්තා වැඩිදුරටත් පවසයි. මුහුදට කඩා වැටුණු බැවින් ගුවන්යානයට හෝ නියමුවාට බරපතළ හානි සිදුවී නැත. ජාතික නාවික ගුවන් කෞතුකාගාරයට අයත් මේ ඇවෙන්ජර් යානය ප්‍රථම වරට එක්සත් ජනපද ටෝර්පිඩෝ බෝම්බකරුවකු ලෙස 1941 දී භාවිතා කරන ලද්දකි.

නව අදහස දක්වන්න