අපනයන විශිෂ්ටතා රන්-රිදී සම්මානවලින් HDDES Extracts සමාගම පිදුම් ලබයි | දිනමිණ

අපනයන විශිෂ්ටතා රන්-රිදී සම්මානවලින් HDDES Extracts සමාගම පිදුම් ලබයි

කුළුබඩු ආශ්‍රිත තෙල් වර්ග නිෂ්පාදනයේ සහ අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන HDDES Extracts පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධාන කළ ජාතික අපනයන විශිෂ්ටතා 2020 සම්මාන උලෙළේදී විශිෂ්ටතම අපනයනකරුවාට හිමි රිදී සම්මානයෙන් සහ කුළුබඩු හා කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩයේ, රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළපසුගියදා කොළඹ, ෂැංග්‍රී ලා හෝටලයේදී පැවැත්විණි. 1982දී එච්. ඩී. ඩී. සිල්වා මහතා ඇරඹූ HDDES සමූහ ව්‍යාපාරය 2002දී ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පුළුල් කරන ලදි. වර්තමානයේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ගෙහාන් ද සිල්වා සහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මෙවන් ද සිල්වා මහත්වරු කටයුතු කරති.

හොරණ ආයෝජන මණ්ඩල කර්මාන්ත පුරයේ පිහිටි ISO 22000 iy ISO 14000 තත්ත්ව සහතිකවලින් පිදුම් ලැබූ HDDES කර්මාන්ත ශාලාවේදී කුරුඳු, ගම්මිරිස්, පැඟිරි, කරාබු නැටි, සාදික්කා තෙල් නිෂ්පාදනය කර අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍ර්ලියාව, ජපානය, චීනය, ඉන්දියාව ආදි රටවල් රැසකට අපනයනය කරයි. මේ තෙල් වර්ග සුවඳ විලවුන්, රසකාරක, ඖෂධ, පෝෂණ අතිරේක, බීම වර්ග, සත්ත්ව ආහාර සහ ඇරෝමා සුවඳකාරක තෙල් නිෂ්පාදනය සඳහා භාවිත කරයි. පූර්ණ දේශීය සමාගමක් ලෙස HDDES සමාගම ශ්‍රී ලාංකේය නාමය ලොව පුරා ගෙන යෑමට කරන මෙහෙවර සුවිශාලය. සමාගමට අයත් වතුවලින් මෙන්ම ග්‍රාමීය කුළුබඩු වැවිලිකරුවන්ගෙන් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නා සමාගම ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශාල මෙහෙවරක් කරයි. NCE, NBEA ආදි සම්මාන රැසකින් පිදුම් ලබා ඇති HDDES Extracts සමාගම සාම්ප්‍රදායික හා කාබනික කෘෂිකාර්මික ක්‍රමවලට වගා කරන කුළුබඩුවලින් තෙල් වර්ග නිෂ්පාදනය කර අපනයනය කරයි. HDDESසමූහයට අයත් අනු සමාගමක් වන ඩිලාස් ඉන්ටර්නැෂනල් සමාගමේ දේශීය නිෂ්පාදන පෙළකට පසුගියදා අන්තර්ජාතිකව පිළිගත් COSMOS ORGANIC සහතිකය හිමි වීම සුවිශේෂ අවස්ථාවක් විය.

නව අදහස දක්වන්න