රජය කොවිඩ් පාලනයට කඩිනම් තීන්දු තීරණ ගන්නවා -පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක | දිනමිණ

රජය කොවිඩ් පාලනයට කඩිනම් තීන්දු තීරණ ගන්නවා -පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක

කොවිඩ් පාලනය කළ හැක්කේ රට වසා දැමීමෙන් නොව, පවතින අවස්ථා හඳුනා ගනිමින් විදිමත් වැඩ පිළි­‍ෙවළක් ක්‍රියාත්මක කිරීමෙන් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ

රණවක මහතා පැවසීය. රජය කොවිඩ් පාලනයට කඩිනම් තීන්දු තීරණ ගන්නා බවද හෙතෙම කීවේය.

දීර්ඝ කාලයක් වසා දමා තිබූ වැලිගම, කොහුණුගමුව ප්‍රදේශයේ අත්කම් සහ පේෂකර්ම මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති ජනහමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා- එක් එක් පුද්ගලයාට විවිධ මත තිබෙන්න පුළුවන්. නමුත් පසුගිය කාලය තුළ රට වසා දැමීමෙන් නැවත යථා තත්ත්වයට පත් කරන්න ගත් අපහසුතාව අප දැක්කා. පසුගිය අප්‍රේල් මාසයට කලින් යම් පාලනයක් සිදු වුණා. සංචරණ සීමා ඉවත් වීමත් සමඟ නැවත පැතිරෙන්න පටන් ගත්තා. රට සම්පූර්ණයෙන් වැසීමෙන් කොවිඩ් ව්‍යවසනයට ස්ථිර විසඳුමක් දිය නොහැකියි. හඳුනා ගත් ප්‍රදේශ පමණක් වැසිය යුතුයි. අපේ ගමන් බිමන් සීමා කළ යුතුයි. පාලනය කිරීමට අවශ්‍ය සහාය ජනතාව ලබා දිය යුතුයි.

දෙවන වටයේ එන්නත් කිරීම දැන් ආරම්භ කරලා. කොවිඩ් ව්‍යවසනයේ ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට මේ වන විට දී තිබෙනවා. රටක් ලෙස ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළි­‍ෙවළ ආරම්භ කර තිබෙනවා. කොරෝනා සමඟ දේශීය ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා.

රසායනික පොහොර සම්පූර්ණයෙන් නතර කර, කාබනික පොහොර මඟින් වගා කිරීමේ වැඩපිළි‍ෙවළක් ආරම්භ කර තිබෙනවා.

රජයක් ලෙස කොරෝනා තත්ත්වයට මුහුණ දෙන්න අප සූදානම්. අවශ්‍ය අවස්ථාවන්හිදී තීන්දු ගත්තා. අපට ලොකු අර්බුදයක් නැහැ. ලෝකයේ මේ ව්‍යවසනය කොතරම් කාලයක් පවතීද යන්න කාටවත් කිව නොහැකියි. එන්නත්කරණය මීට ඇති හොඳම විසඳුමයි. එය සියලු පුරවැසියන්ට ලබාදීමේ වැඩ පිළි­‍ෙවළක් ආරම්භ කර තිබෙනවා.

 

ටී. කේ. මහින්ද

වැලිගම සමූහ

නව අදහස දක්වන්න