පත්‍රවිචිත්‍ර රෝගයෙන් ගස්ලබු වගාකරුවෝ අනතුරේ | දිනමිණ

පත්‍රවිචිත්‍ර රෝගයෙන් ගස්ලබු වගාකරුවෝ අනතුරේ

වෙන්නප්පුව හා දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් වැඩිදෙනා ගස්ලබු වගා කිරීමෙන් හොඳ ආදායමක් ලබාගත් නමුත් පත්‍රවිචිත්‍ර නමැති වයිරස් රෝගය හේතුවෙන් හා ඒ සඳහා ස්ථිර ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නොමැතිකමින් ඔවුන් එම කටයුතුවලින් ඈත්වී අසරණ තත්ත්වයට පත්ව තිබේ. මිනිස් සිරුරට පෝෂ්‍යදායි හා ආහාර දිරවීමට බෙහෙවින් හේතුකාරකවන පලතුරු විශේෂයක් ලෙස වෛද්‍යවරු හඳුන්වාදෙන පැපොල් වගාව මහා පරිමාණයෙන් කරන වගාකරුවෝ මේ රෝග පීඩා නිසා කිසිත් කරකියාගත නොහැකිව ඇත්තේ ඔවුන් බොහෝවිට එම වගාවන් සඳහා යොමුවී ඇත්තේ බැංකුවලට ණයවීය.

මේ පත්‍රවිචිත්‍ර නමැති අතිභයානක රෝග ලක්ෂණ පහළවූ විට පත්‍ර සියල්ල ඇඹරී පත්‍ර හා ගෙඩි කුඩාවී අස්වනු අඩුවන අතර දින කිහිපයකින් මෙම රෝගය ප්‍රදේශය පුරාම ව්‍යාප්තවී මුළු වගාවම විනාශවී යන අතර ඒ සඳහා ස්ථිර ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින් කළ හැකි එකම ප්‍රතිකර්මය නම් එම ගස් කපා පුලුස්සා විනාශ කර දැමීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා පොල් වගාකිරීමේ මණ්ඩලයේ ව්‍යාප්ති නිලධාරීහු පෙන්වා දෙති.

සුනිල් ප්‍රනාන්දුපුල්ලේ - වෙන්නප්පුව විශේෂ

 

නව අදහස දක්වන්න