ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු දැල්පන්දු තරගාවලිය පැවැත්වේ | දිනමිණ

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු දැල්පන්දු තරගාවලිය පැවැත්වේ

යුද හමුදා  දැල්පන්දු  සංගමය විසින්  සංවිධානය  කළ  ශ්‍රී ලංකා යුද හමුදා  අන්තර්  රෙජිමේන්තු දැල්පන්දු  තරගාවලිය  පසුගියදා  පනාගොඩ  ශ්‍රී ලංකා  යුද හමුදා  ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැවැත්විය .
 
එහිදී    ශ්‍රී ලංකා යුද  හමුදා  අන්තර්  රෙජිමේන්තු  දැල්පන්දු  තරගාවලියේ  ශුරතාවය  ලකුණු  21 ක්  ලබා ගනිමින්  කාන්තා  බලකා  A  කණ්ඩායම  දිනාගැනීමට සමත් විය  , එහි  අනුශුරතාවය  ලකුණු  14ක්  ලබා ගනිමින්  කාන්තා  බලකා  B  කණ්ඩායම   දිනාගත් අතර  දක්ෂතම  ක්‍රීඩිකාවට  හිමි  ශුරතාවය  කපිතාන්  පී.එම්.එස්. අබේගුණවර්ධන  යන  ක්‍රීඩිකාව  විසින් දිනාගනු ලැබිණි.
 
එහිදී   දක්ෂතම  පන්දු  රකින්නිය  ලෙස  කේ.බී.වයි ද  සිල්වා  සහ  දක්ෂතම  පන්දු යවන්නිය  ලෙස  ජේ.එම්.ඒ.එස් ජයසුන්දර  යන  ක්‍රීඩිකාවන්  ශුරතාවයන්  දිනා ගත් අතර  , මෙම තරගාවලිය සඳහා  ශ්‍රී ලංකා  යුද හමුදාවේ  කාන්තා  රෙජිමේන්තු  හතරක්  නියෝජනය  කරමින්  කණ්ඩායම්  හයක්  සහභාගී  වූහ.
 
ත්‍යාග  සහ  ශුරතා  ප්‍රධානෝත්සවය  සඳහා  ආරක්ෂක  මාණ්ඩලික  ප්‍රධානි  ,  යුද  හමුදාපති  ජෙනරාල්  ශවීන්ද්‍ර  සිල්වා , යාපනයේ  ආරක්ෂක සේනා  ආඥාපති  යුද හමුදා කාන්තා  බලකා  කර්නල්  සේනාවිධායක  මේජර්  ජෙනරාල්  ඩබ්ලිව්. එල් .පි.ඩබ්ලිව්  පෙරේරා , යුද හමුදා කාන්තා  බලකා  මධ්‍යස්ථානයේ  සේනාවිධායක , යුද හමුදා  දැල්පන්දු  සංගමයේ  සභාපති බ්‍රිගේඩියර්  ජානක  රත්නායක  , කාන්තා බලකා  සේවා  වනිතා  ඒකකයේ  සභාපති  පද්මා  පෙරේරා  යන මහත්ම මහත්මීන් සමඟ යුද හමුදාවේ  ජේෂ්ඨ  නිලධාරීන්  ඇතුළු  පිරිසක්  මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

නව අදහස දක්වන්න