AMW සහතික කළ Yamaha යතුරුපැදි වගකීමක් සමඟ අසමසම මිලකට | දිනමිණ

AMW සහතික කළ Yamaha යතුරුපැදි වගකීමක් සමඟ අසමසම මිලකට

1981 වසරේ සිට යමහා මෝටර් කම්පැනි ලිමිටඩ් (Yamaha Motor Company LTD) හි ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත වශයෙන් කටයුතු කරන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම (AMW), ශ්‍රී ලාංකික යතුරුපැදි ලෝලීන්ට, මුදලට සරිලන වටිනාකමක් සමඟ අන්තර්ජාතික මට්ටමේ යතුරුපැදියක් හිමි කර ගැනීමට අවස්ථාව දෙන නව සේවාවක් දියත් කර ඇත. Yamaha වෙතින් ගෙනෙන මේ සුවිශේෂී සේවාව හරහා භාවිත කරන ලද Yamaha යතුරුපැදි/ ස්කූටර් AMW සමාගම විසින් නැවත මිලදී ගෙන, මුළුමනින්ම නැවත සකස් කර (රීකන්ඩිෂන්), අලුත්ම යතුරුපැදියක් හා සමාන ධාවන තත්ත්වයෙන් ඇදහිය නොහැකි මිලකට ප්‍රති අලෙවි කිරීම කෙරේ. මේ සේවාව AMW විසින් ඉදිරියට අඛණ්ඩවම දීමට නියමිත සේවාවක් වන අතර Yamaha යතුරුපැදි ලෝලීන්ට නව අංග රැසක් සමඟ පරිපූර්ණ සේවාවක් දීම මෙහි අරමුණ වේ.

මේ නව සේවාව පිළිබඳ AMW මගී වාහන අංශයේ අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා මහතා මෙසේ පැවසීය. “Yamaha සන්නාමය වටා බැඳුණු සැබෑ යතුරුපැදි සංස්කෘතියක් නිර්මාණය කිරීම සැමදාමත් අපගේ මූලිකම අරමුණක් වී තිබුණා. මේ නව සේවාව දීර්ඝ කාලීන දැක්මක් ඇතිව දියත් කරන ලද, යතුරුපැදිකරුවන්ට උසස් ගණයේ අත්දැකීමක් දෙන සේවාවක්.”

ඉහළම පුහුණුක් සහිතව, දැඩි කැපවීමෙන් වෘත්තීමය සේවාවක් සපයන සේවා මධ්‍යස්ථාන සහ අලෙවි නියෝජිතයන් 200කට අධික ජාලයක් සමඟ ක්‍රියාත්මකAMW - Yamaha සමාගම, දශක ගණනාවක පළපුරුද්ද ඇති ඕනෑම පාරිභෝගිකයකුට ගැළපෙන පරිදි සේවා දීමට හැකියාව ඇති සමාගමකි. තවද, නියම අමතර කොටස් සහ නවීනතම තාක්ෂණය භාවිතයෙන්, වෙනත් කිසිදු තැනකින් ගත නොහැකි ගුණාත්මක සේවාවක් යතුරුපැදි ධාවකයන්ට සහතික කරනු ලැබීම මේ සේවාවේ විශේෂත්වයකි.

නව අදහස දක්වන්න