Credence Genomics කොවිඩ් විනිශ්චය මධ්‍යස්ථානයට අනුමැතිය හිමි වෙයි | දිනමිණ

Credence Genomics කොවිඩ් විනිශ්චය මධ්‍යස්ථානයට අනුමැතිය හිමි වෙයි

Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානයට පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාශයේ අනුමැතිය හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්, රටින් පිට වන මගීන්, හෝටල් සඳහා පැමිණෙන්නන්, ගුවන් තොටුපොළ හා වරාය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත කලාපයන්හි කොවිඩ් රෝග විනිශ්චය සඳහා PCR පරීක්ෂණ කිරීමේ අවසරය එම සමාගමට හිමි වේ. පැය හතරක් ඇතුළත පරීක්ෂණ වාර්තා සපයන Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානය අති නවීන ස්වයංක්‍රීය RNA නිස්සාරක සමඟ ඩෙන්මාර්කයේ සංවර්ධනය කළ RT-PCR රෝග විනිශ්චය ශ්‍රේණියෙහි පර්යේෂණ ක‍්‍රම භාවිත කරන අතර, එම ක‍්‍රමවේද අන්තර්ජාතික ප‍්‍රමිති පාලනයට යටත්ව කරන්නකි. එයට අමතරව Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානයේ අනෙක් විශේෂත්වය වන්නේ පාසල් හා කාර්යාල පරිශ‍්‍රයන්හි කොවිඩ් -19 සඳහා පාරිසරික පරීක්ෂණ කිරීමය.

එම සමාගම ‘අබාන්ස්’ සමඟ ඒකාබද්ධව කොවිඩ් වයිරසයෙන් තොර පරිසරයක් සහතික කිරීම සඳහා ඒකාබද්ධ විෂබීජහරණ විසඳුම් සැපයීම ද කරයි. Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානයෙහි සභාපති ආචාර්ය සරත් පරණවිතාන මහතා පැවසුවේ ‘වර්තමානයේ කොවිඩ් සඳහා සම්මත පරීක්ෂණවලින් ඔබ්බට ගිය සර්ව සුබවාදීව ගනුදෙනු කිරීමක් අවශ්‍යයැයි අප සමාගම විශ්වාස කරනවා. අති නවීන පරීක්ෂණ ක‍්‍රමවේදවලට අනුව අප සමාගම කටයුතු කරන්නේ ඒ නිසයි.’ යන්නය.

නව අදහස දක්වන්න