ඇසට්ලයින් ලීසිං නව ශාඛාවක් අම්බලන්ගොඩට | දිනමිණ

ඇසට්ලයින් ලීසිං නව ශාඛාවක් අම්බලන්ගොඩට

ප්‍රාදේශීය ශාඛා ජාලය තව දුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් වන ඇසට්ලයින් ලීසිං පසුගියදා එහි නවතම ශාඛාව අම්බලන්ගොඩදී විවෘත කළේය. ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ඇසට්ලයින් ලීසිං ජාලයේ සාඩම්බර 53 වැනි සාමාජිකයා ලෙස අම්බලන්ගොඩ නව ශාඛාව පාරිභෝගිකයන් අතරට එක් විය.

වාහන ලීසිං, වාහන ණය, ව්‍යාපාරික ණය ඇතුළු සියලු ආකාරයේ ලීසිං සහ මූල්‍ය සේවා සමඟ ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලන්නට ඇසට්ලයින් ලීසිං අම්බලන්ගොඩ ශාඛාව සැදී පැහැදී සිටී. පාරිභෝගිකයන්ගේ පහසුව තව දුරටත් තහවුරු කරමින් ඕනෑම වේලාවක වාරික මුදල් තැන්පත් කිරීමට හැකි, පැය 24 පුරා ක්‍රියාත්මක වන Easy Pay යන්ත්‍රයක්ද මේ පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. නව ශාඛාව විවෘත කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ් සභාපති රෝහණ දිසානායක මහතා මෙසේ පැවසුවේය. “ප්‍රාදේශීය වශයෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසුව තව දුරටත් ඉහළ නංවමින් වඩාත් ප්‍රතිඵලදායී සහ පාරිභෝගිකයන් මුල්කොට සකසන ලද මූල්‍ය සේවාදීමට අප තුළ ඇති කැපවීම අම්බලන්ගොඩ ශාඛාව විවෘත කිරීම හරහා තවදුරටත් ශක්තිමත් වනවා.”

ඇසට්ලයින් ලීසිං සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක මහතා පැවසුවේ අභියෝග රැසකට මුහුණ දීමට වුවද නොසැලී අපගේ ව්‍යාපාරික ඉලක්ක සම්පූර්ණ කරමින් ඉදිරියට ගමන් කරන අතර, අම්බලන්ගොඩ නව ශාඛාව විවෘත කිරීම එහි තවත් එක් පියවරක් බවයි.

නව අදහස දක්වන්න