සංචරණ සීමා පිළිපැද්දොත් ජූනි මුල් සතියේ ආසාදිතයන් අඩු වෙනවා | දිනමිණ

සංචරණ සීමා පිළිපැද්දොත් ජූනි මුල් සතියේ ආසාදිතයන් අඩු වෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

- මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමයේ සභාපති

කොවිඩ් - 19 මර්දනය සඳහා පවතින සංචරණ සීමා නිසි ලෙස මහජනතාව පිළිපැදීම කළොත් ජූනි මස මුල් සතිය වන විට වයිරසය ආසාදනය වූවන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිනමිණ‘ට ඊයේ (14) ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දනය සඳහා රජයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ජනතාව කළ යුතු යැයිද ඔහු පැවසීය.

දැනට පනවා ඇති සංචරණ සීමා නිසියාකාරවම අනුගමනය කිරීම පවතිනුයේ ජනතාවගේ අතේ බවත් එය හිතට ගනිමින් මේ වයිරසය මර්දනය සඳහා ජනතා සහාය දිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

 

නව අදහස දක්වන්න