61,882කට ඊයේ සයිනොෆාම් එන්නත | දිනමිණ

61,882කට ඊයේ සයිනොෆාම් එන්නත

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම්  61,882 දෙනෙක්ට ලබා දී තිබේ. ඒ අනූව එම එන්නත ලබා දී ඇති සමස්ත ගණන 276,762කි.
 
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 11,385 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර, එය ලබාගත් සමස්ත පිරිස 256,004කි.
 
එමෙන්ම මේ දක්වා ‘ස්පුට්නික් V’ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
 
මෙරට දැනට ලබා දී ඇති එන්නත්වල පළමු මාත්‍රාව ලබාගත් පිරිස දොලොස් ලක්ෂ දහසය දහස් 677ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න