රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට සදුදා සිට කරන දේ | දිනමිණ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට සදුදා සිට කරන දේ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සිය නිවෙස් තුලම රඳවා තබා අධීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය ලබන සදුදා (17) සිට ආරම්භ කිරීමට නියමිත බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. 
 
නිවසේ රැඳී සිටින ආසාදිතයන්ට සංකූලතා මතු වුවහොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
 
දැනට කොරෝනා ආසාදිතව රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ඇතුළත් කර සිටින පිරිස් ඇතැම් පිරිස් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයන්ට රෝහල් පහසුකම් ලබා දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
 

නව අදහස දක්වන්න