උතුරු මුහුදු සීමාවේ දැඩි සුළං | දිනමිණ

උතුරු මුහුදු සීමාවේ දැඩි සුළං

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මුහුදු සීමාවේ ඊයේ(15) සවස දැඩි සුළං තත්වයක් පැවති බව මන්නාරම ධීවරයෝ පැවසූහ.
 
මන්නාරම ධීවරයින් පැවසූවේ මන්නාරම වෙරළ තීරයේ ඊයේ (15) සවස සුළං තත්වය වැඩිවු අතර, වෙරළබඩ සීමාවේ ධීවර නවාතැන් කිහිපයකටද හානි සිදුව ඇති බවයි.
 
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කොට ඇත්තේ ගිණිකොණදිග අරාබි මුහුදේ හටගෙන ඇති ටවුටේ සුළි කුණාටුවේ බලපෑම මත මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළ තීරයේ සුළං තත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කරන බවයි.
 
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරනු ලැබුවේ ප්‍රදේශයේ ධීවර ජනතාවට මුහුදු නොයන ලෙසට දැනුම්දී ඇති අතර, ධීවර යාත්‍රා ගොඩබිමට ගෙනඑන ලෙසට උපදෙස් දී ඇති බවයි.
 
 
(බන්දුල සෙනෙවිරත්න - වවනියාව උතුර සමූහ)

නව අදහස දක්වන්න